ප්‍රවීණ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකා, නාට්‍ය ශිල්පිනි රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකා, නාට්‍ය ශිල්පිනි රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය අද(18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඇය 64 වන වියේ පසු වුණා.

ඇය ගුවන් විදුලි සංස්ථාවට එක්ව තිබුණේ, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙස 1979 වසරේ දීයි.

අනතුරුව සහය නිවේදිකාවක් ලෙස කටයුතු කළ රම්‍යා ශ්‍රියාණි මහත්මිය ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වසර 38කට අධික කාලයක් සේවයේ නිරත වී තිබෙනවා.

මෙරට දක්ෂතම නිවේදිකාවක් වූ ඇය වැඩසටහන් රාශියකට සිය හඬ දායකත්වය ලබා දුන් අතර 2015 – 2016 වසර තුළ දී ඉහළ ශ්‍රේණිගත (SUPER GRADE) නිවේදන ශිල්පිණියක් බවට ද පත්වුණා.

එමෙන්ම 2019 වසරේදී රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී ප්‍රශස්තම නිවේදිකාව ලෙසින් ද ඇය සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයක්.

සම්මානනීය ප්‍රවීණ කිවියර සාහිත්‍යශූරී නන්දන වීරසිංහ මහතාගේ ආදරණීය බිරිඳ වූ රම්‍යා ශ්‍රියාණි මහත්මිය පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියකගේ මව වූවා.

අභාවප්‍රාප්ත වූ රම්‍යා ශ්‍රියාණි මහත්මියගේ දේහය ඇරැව්වල උස්වත්ත මැද පාර නිවසේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇති.

Share This