නිවාස 10,000ක් හදන්න ඉන්දියාව සමග ගිවිසුමක්

නිවාස 10,000ක් හදන්න ඉන්දියාව සමග ගිවිසුමක්

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ 04වන අදියර යටතේ වතුකරයේ නිවාස 10,000ක් ඉදිකිරීමට, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සමග ඉන්දියාව ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 11ක් සහ පළාත් 6ක් පුරා ව්‍යාප්ත වන අතර ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත සමස්ත නිවාස ප්‍රමාණය 60,000ක්.

පළමු අදියර දෙකේ දී උතුර සහ නැගෙනහිර පළාත්වල නිවාස 46,000 ක් ඉදි කර අවසන් වූ අතර, තෙවන අදියර සඳහා වතුකරයේ නිවාස 4,000ක් ඉදිකිරීම මේ වනවිට අවසන් වෙමින් පවතිනවා.

ඒ අනුව මේ වනවිට අස්සන් තබා ඇත්තේ එහි හතරවන අදියරටයි.

Share This