එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා රෝහල්ගතවීම හේතුවෙන් නේටෝ රැස්වීම් අවලංගු කරයි

එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා රෝහල්ගතවීම හේතුවෙන් නේටෝ රැස්වීම් අවලංගු කරයි

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Lloyd Austin තුන්වන වරටත් රෝහල් ගත කිරීමෙන් පසු නේටෝ මූලස්ථානයේ රැස්වීම් අවලංගු කර තිබෙනවා

70 හැවිරිදි Lloyd Austin වොෂින්ටන් ඩීසී ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් ඔහුගේ රාජකාරි තාවකාලිකව ඔහුගේ නියෝජ්‍ය නිලධාරියාට භාර දී ඇති අතර Lloyd Austinට හැකි ඉක්මනින් රාජකාරි කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා බදාදා බෙල්ජියමේ බ්‍රසල්ස් හි යුක්‍රේන ආරක්ෂක සම්බන්ධතා කණ්ඩායමේ (UDCG) රැස්වීමකට නායකත්වය දීමට නියමිතව තිබු බවද සඳහන්

එමෙන්ම බ්‍රහස්පතින්දා නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ගේ ප්‍රධානත්වයෙන් නේටෝ ආරක්ෂක අමාත්‍ය මණ්ඩලයේ රැස්වීමකටද සහභාගී වීමට ද සූදානම්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This