උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදීමට පෙර ලියාපදිංචි සහතිකයක්

උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදීමට පෙර ලියාපදිංචි සහතිකයක්

මිලියන දෙකක ජනතාවට ඉඩම් හිමිකම් ලබා දීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දීමට පෙර හිමිකම් ඇති බවට ලියාපදිංචි සහතිකයක් පිරිනමන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

දැනට ඔවුන් භුක්ති විඳිමින් සිටින ඉඩම්වල නිරවුල්භාවය, මැනීම් කටයුතු සිදු කර තිබීම වැනි නිර්ණායක මත කාණ්ඩ පහක් යටතේ මෙම හිමිකම් හඳුනා ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙය ආසියාවේ ක්‍රියාත්මක දැවැන්තම ඉඩම් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන බව පෙන්වාදෙන අමත්‍යවරයා මිලියන දෙකක ජනතාවට ඉඩම් හිමිකම් ලබා දීම සින්නක්කර අයිතිය ලබා දීම රජයේ අපේක්ෂාව බව සඳහන් කරනවා.

මේ අතර වතුකරයේ ජනතාවට ද ඉඩම් අයිතිය ලබා දීම “නාම් 200” වැඩසටහන යටතේ ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

දැනට වතුවල සේවය කරන ලක්ෂයකට අධික ජනතාවට සේම වතුවල පදිංචිව සිටිමින් වෙනත් රැකියාවන්වල නිරත පිරිසට ද මෙමගින් සෙත සැලසෙන අතර නාගරික නිවාස 50,000ක් ලබාදීමේ වැඩසටහන ද මේ වන විට ක්‍රියාත්මක බව සඳහන්.

Share This