ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අවධානය

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අවධානය

ඉදිරි අයවැය මගින් සහන සැලසිය යුතු ප්‍රධාන පාර්ශ්ව අතර රාජ්‍ය සේවකයන් ද සිටින බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා වෙත ලබා දීම සඳහා රාජ්‍ය සහ පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියා.

රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් කෙරෙහි රජය ඉතා අවධානයෙන් පසුවන අතර ඉදිරි අයවැය මගින් අවධානය යොමු විය යුතු පාර්ශ්වය අතර රජයේ ආධාර ලැබිය යුතු පිරිස, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ රාජ්‍ය සේවයකයින් ප්‍රමුඛස්ථානයේ සිටින බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම රාජ්‍ය සේවයකයන් ඇතුළු මාසිකව ස්ථිර ආදායමක් ලබා ගන්නා කණ්ඩායම් මුහුණ දෙන අර්බුද සඳහා කෙටි කාලීන විසඳුමකට වඩා දිගු කාලීන විසඳුමක් කෙරෙහි රජය අවධානය යොමු කරන අතර ඉදිරි අයවැය මගින් ඊට පදනම සකස් වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

 

Share This