ඉතාලියේ භූමිකම්පාවක්

ඉතාලියේ භූමිකම්පාවක්

මධ්‍යම ඉතාලියේ ෆ්ලෝරන්ස් ආසන්නයේ රික්ටර් මාපකයේ 4.8 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අද (18) අලුයම ඇති වූ භූමි කම්පාවෙන් ජිවිත හානි හෝ දේපළ හානි වාර්තා වී නොමැති බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද ප්‍රමාද කර ඇති බව සඳහන්.

Share This