අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට

අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට

අභියෝග මධ්‍යයේ වුව ද සෙසු රටවල් හා සසඳන කල ශ්‍රී ලංකාව ණය බේරුම් කිරීමේ ක්‍රියාවලියේ දී වේගවත් ප්‍රගතියක් ලබා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා

එක්සත් ජාතීන්ගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දිළිඳුකම පිටු දැකීම සහ සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ කමිටුවේ හතර වැනි සැසි වාරයට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තවදුරටත් තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් කැපවන බවයි.

එමෙන්ම මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහනදායි ණය ලබා ගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදු වී ඇති බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ

පසුගිය සමයේ ඇති වූ ණය අර්බුදයත් සමග එම තත්ත්වය තව දුරටත් උග්‍ර වූ බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව සහනදායී මූල්‍යකරණය යටතේ ආයෝජන අවස්ථා සඳහා වැඩි ඉඩකඩක් ලබා දීම වැදගත් බවත් අර්බුදකාරී තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

Share This