ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජා නියෝජිතයෝ කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජා නියෝජිතයෝ කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජා නියෝජිතයෝ පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත කථානායකවරයාගේ අවධානයට යොමු කිරීම මෙම හමුවීමේ අරමුණ වූ බව සඳහන්.

එමෙන්ම LGBTIQ+ ප්‍රජා නියෝජිතයින් සහ කථානායකවරයා අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTIQ+ ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

Share This