
දිවයිනේ ප්‍රදේශ දෙකක සුළු භූ කම්පන තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ දෙකක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසනවා.
ඒ අනුව ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල – තිඹිරිවැව ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ රික්ටර් මාපකයේ 3.0ක අගයකින් යුත් සුළු කම්පන තත්ත්වයක් වාර්තා වූ බවයි එම කාර්යංශය පැවසුවේ.
එමෙන්ම කිරින්ද පලටුපාන ප්‍රදේශයෙන් ද ඊයේ (18) පස්වරු 6.46ට පමණ රික්ටර් මාපකයේ 2.6ක සුළු භූ කම්පනයක් හට ගෙන තිබුණා.