කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින දේ

කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින දේ

දිවයිනේ උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පාර්ලිමේන්තුව තුළ දී තරයේ පිළිපදිමින් සහයෝගය ලබා දෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා තිබෙනවා .

ඒ අනුව, පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටීමේදී මුඛ ආවරණ පැළදීම, දෑත් පිරිසිදු කිරීම, සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ පිළිපදිමින් සහයෝගය ලබා දෙන ලෙසයි කතානායකවරයා ඉල්ලා සිටින්නේ

තවද පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් කතානායකවරයා ඉල්ලා සිටීන අතර දැඩිව අවධාරණය කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්යය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, ආරක්‍ෂක අංශවලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම දෙනා ද පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටීමේ දී මෙකී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි .

 

Share This