ඇමරිකාවෙන් හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර

ඇමරිකාවෙන් හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව සිරියාවේ සහ ඉරාන සහය ලබන හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව පෙන්ටගනය පවසනවා

මෙම ප්‍රහාරයෙන් ඉරාන පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් ගණනාවක් විසින් භාවිතා කරන ලද දේශසීමා පාලන ස්ථානයක පිහිටි බහු පහසුකම් විනාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ

එක්සත් ජනපදයේ සහ ඉරාකයේ සභාග සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ජෝ බයිඩන් මෙම ක්‍රියාව අනුමත කර තිබෙනවා

එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ වෙනත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පිහිටා ඇති හරිත කලාපය ඇතුළුව බැග්ඩෑඩ් හි එක්සත් ජනපද කඳවුරුවලට ද රොකට් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ

Share This