සුපිරි ක්‍රීඩක උමාර් අක්මාල්ව පුනරුප්ථාපනයට යොමු කරයි

සුපිරි ක්‍රීඩක උමාර් අක්මාල්ව පුනරුප්ථාපනයට යොමු කරයි

පසුගිය වසරේ පැවති සුපර් ලීග් තරඟාවලියට පෙරාතුව සිදු වූ බව කියන දුෂිත කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වීම නිසා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුෂණ විරෝධී නීතින් උල්ලංඝනය වූ බව පවසමින් පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් 2020 වසරේ පෙබරවාරි 20 වැනිදා සිට වසර තුනක තහනමක් පැනවීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අභියාචනයකින් අනතුරුව එය මාස 18ක් දක්වා අඩු කෙරුණු අතර මේ සම්බන්ධයෙන් උමාර් අක්මාල් ස්විස්ලන්තයේ පිහිටි ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ පිහිට පැතු අතර එයින් තවත් මාස 06කින් මෙම දඬුවම අවම කර ගැනීමට හැකිවී තිබෙනවා.

කෙසේ වෙතත් උමාර් අක්මාල් ඩොලර් 27000ක දඩ මුදලක් ගෙවිය යුතු වන අතර අනතුරුව පුනරුප්තාපන වැඩසටහනකට ද එක්විය යුතුවනවා.

අනතුරුවයි ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට නැවත ප්‍රවේශ වීමට ඉඩ ලැබෙන්නේ.

Share This