වෙරලුපිටියේ මැණික් පතලක සිරවීමෙන් දෙදෙනෙක් මරුට

වෙරලුපිටියේ මැණික් පතලක සිරවීමෙන් දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ල වෙරලුපිටිය ප්‍රදේශයේදී මැණික් පතලක සිරවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

ඊයේ (27) පැවති වර්ෂාවත් සමග සිදුවූ විදුලි විසන්ධි වීමකින් අනතුරුව ඒ පිළිබඳ සොයා බැලීමට පතල තුළට ගිය අවස්ථාවේ ඔවුන් එහි සිරවී ඇති බවට මත පල කරන අතර මරණවලට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
.

මෙම මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මළ සිරුරු මේ වන විට අවිස්සාවේල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (28) පැවැත්වීමට නියමිතයි.

Share This