රෝහලෙන් පිටව ගිය ටයිගර් වුඩ්ස් (VIDEO )

රෝහලෙන් පිටව ගිය ටයිගර් වුඩ්ස් (VIDEO )

ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පෙබරවාරි මාසයේ දී ලක්වූ අනතුරෙන් අනතුරුව පසුගියදා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා

අනතුරින් පසු 45 හැවිරිදි ටයිගර් වුඩ්ස් බේරා ගැනීමට ගිනි නිවන භටයින් සහ පරිපූරක වෛද්‍යවරුන් විසින් මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවා

බරපතල තුවාල රැසකට මුහුණදුන් වුඩ්ස් මේ මස මුලදී රෝහලෙන් නිදහස් වි තිබෙන බවයි වාර්තා වන්නේ

අනතුර සිදුවන අවස්ථාවේ වුඩ්ස් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර ඇති බවට කිසිදු සාක්ෂියක් නැහැ

ඔහුව බේරා ගැනීමට සහාය වූ අයට වුඩ්ස් සිය ස්තූතිය පළ කරමින් සඳහන් කර තිබෙන්නේ “මගේ සුවය සහ පවුල කෙරෙහි මම දිගටම අවධානය යොමු කරනවා .මේ දුෂ්කර කාලය පුරාවටම මට ලැබුණු ඉමහත් සහයෝගය සහ දිරිගැන්වීම පිළිබඳව සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමි.”යනුවෙන්

 

Share This