ෆේස්බුක් ඔස්සේ දැන්වීමක් දැමූ  තරුණයාව පහරදී මරලා – අවසන් මොහොතේ පොලීසියට ගෙනිහින්

ෆේස්බුක් ඔස්සේ දැන්වීමක් දැමූ තරුණයාව පහරදී මරලා – අවසන් මොහොතේ පොලීසියට ගෙනිහින්

නවගමුව පොලිස් වසමේ පවත්වාගෙන යන ජංගම දුරකතන අලෙවිසැලකින් දුරකතනයක් සොරාගත් තරුණයෙකු වෙළෙඳසල් හිමියන් ඇතුළු පිරිසකගේ පහර දීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ 30 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා පසුගිය දා පස්වරුවේ මෙම දුරකතන අලෙවිසලට පැමිණ හිමිකරුට රහසින් ජංගම දුරකතනයක් සඟවාගෙන පළාගොස් ඇති අතර ඉන්පසු  ෆේස්බුක් ගිණුම හරහා දුරකතනය විකිණීමට ඇති බව සඳහන් කරමින් වීඩියෝවක් ප්‍රසිද්ධ කර තිබෙනවා.

මෙම වීඩියෝව දුටු වෙළඳසැල් හිමියා තමන්ගේ සී.සී.ටී.වී දර්ශනවලින් මෙම තැනැත්තා හඳුනාගෙන දුරකතනය මිළදී ගැනීමට කැමැති බව කියා ඔහුව කඩුවෙල නගරයට ගෙන්වා ගෙන තිබෙනවා.

ලොරි රථයකින් ගොස් ඔහුව පැහැරගෙන රනාල මංසන්ධියට ගෙනගොස් අසල ඇති විදුලි කණුවක බැඳ පහර දී ඇති බව වාර්තා වනවා.

පහරදීම අවසානයේ මෙම පුද්ගලයාව නවගමුව පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී සැකකරු අසාධ්‍ය තත්වයෙන් සිටි නිසා සුවසැරිය ගිලන් රථයෙන් නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු නවගමුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණා.

Share This