පාසලේ කෙනහිලිකම් මත නිවසින් ගිය සිසුවිය

පාසලේ කෙනහිලිකම් මත නිවසින් ගිය සිසුවිය

කෝරලේගම ප‍්‍රදේශයෙන් පසුගිය දා අතුරුදන් වූ පාසල් සිසුවිය උඩුගම අලූත්වත්ත ප‍්‍රදේශයේ නිවසක සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා

මෙම සිසුවිය පාසලේදී සිදුවූ අභූත චෝදනාව හේතුවෙන් දැඩි සේ කම්පාවට පත්ව ඇති අතර ඇය එම හේතුව නිසා නිවසට යෑමටත් පාසල් යෑමටත් මැලිව තිබෙනවා

අනතුරුව මාස කිහිපයකට පෙරදී හඳුනාගත් තරුණයකු වෙත නිවස වෙත යන්නට නොහැකි බව දන්වා අනතුරුව ඥාති නිවසකට ගොස් පසු දින තරුණයාගේ නිවසට ගොස් ඇති අතර තරුණයාගේ මවු පියන් සිසුවියගේ මව වෙත දන්වා රාතී‍්‍ර පොලිසියට දැන්වීමෙන් අනතුරුව මේ වනවිට උඩුගම පොලිසිය ඇයගෙන් ප‍්‍රශ්න කරමින් සිටිනවා

ඇයට පාසලේදී සිදුවූ කෙනහිලිකම් නිසා හිස හැරුණ අතේ යන්නට තීරණය කරන්නට ඇතැයි ඇයගේ මව හඬා වැළපෙමින් පවසා තිබෙන අතර උඩුගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භකර තිබෙනවා

Share This