ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති කාලයේ උපයා ඇති මුදල මෙන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති කාලයේ උපයා ඇති මුදල මෙන්න

හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සිව් වසරක ධුර කාලය තුල ඩොලර් 1,600,000,000 ඉක්මවා උපයා ඇතැයි රජයේ වගකීම් සහ සදාචාරාත්මක භාවය නියාමනය කරන පුරවැසි සංවිධානයක් වන The Citizens for Responsibility and Ethics හෙළිදරව් කරගෙන තිබෙනවා.

2016 සිට 2020 දක්වා ට්‍රම්ප්ගේ ව්‍යාපාර සමුහය උපයා ඇති ලාභය අවම වශයෙන් ඩොලර් 1,613,583,013ක් බවට එම සංවිධානය පවසනවා. පසුගිය වසරේ කොවිඩ් වසංගතය නිසා ලාභ ඉපයීම විශාල වශයෙන් පහත වැටුනමුත් තවමත් ඔහුගේ ව්‍යාපාර ඉලක්කම් 10 ආදායමක් ලබන බව CREW ගණනය කර තිබෙනවා. ඔහුට වැඩිම ආදායම ලැබී ඇත්තේ වොෂිංටනයේ පිහිටි Mar-a-Lago ජාත්‍යන්තර හෝටලයෙන්, ෆ්ලොරීඩාවේ පිහිටි Doral ගොල්ෆ් පිටියෙන්, නිව් ජර්සි ප්‍රාන්තයේ Bedminister සහ වර්ජිනියාවේ Trump National වෙතිනි.

මෙයින්ද නොනැවතුන CREW සංවිධානය ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ බෑනා කුෂ්නර් විසින්ද 2016 සහ 2020 අතර කාලයේදී ඩොලර් බිලියන 172ක් ඩොලර් 640ත් අතර ආදායමක් උපයා තිබෙන බව සඳහන්.

ඉහත සංවිධානය මෙම තොරතුරු අනාවරණය කර ඈත්තේ ට්‍රම්ප්ගේ මුල්‍ය ගනුදෙනු සහ බදු වංචා පිළිබඳව විමර්ශනය කරන ලෙස ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමෙන් දිනකට පසුවය.

Share This