කොවිඩ් සහ හැර යෑම් මැද ‘ක්‍රිකට් කණ්ඩායම’ පිටත් වේ (PHOTOS)

කොවිඩ් සහ හැර යෑම් මැද ‘ක්‍රිකට් කණ්ඩායම’ පිටත් වේ (PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා අද (23) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම සංචාරයට ක්‍රීඩකයින් 21 දෙනෙක් ඇතුළත් වන අතර එක්දින සහ ටෙස්ට් නායකත්වයට දිමුත් කරුණාරත්නත් විස්සයි විස්ස නායකත්වය දසුන් ශානකත් නම් කර තිබෙනවා.

මීට පෙර නම් කර සිටි ලහිරු කුමාරට කොවිඩ් වැළඳීම නිසා ඔහු කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් මෙම සංචාරයට සහභාගී නොවන අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබූ සංචිතය සහ පිටත්ව ගිය අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා

Share This