හිස කපා ඇත්තේ එජාප මන්ත්‍රීගේ නංගිගේ – ඝාතකයා එජාප මන්ත්‍රීවරයෙක්ගේ ආරක්ෂක ලෙස ඉඳලා

හිස කපා ඇත්තේ එජාප මන්ත්‍රීගේ නංගිගේ – ඝාතකයා එජාප මන්ත්‍රීවරයෙක්ගේ ආරක්ෂක ලෙස ඉඳලා

ඝාතනයට ලක්වී හිස නොමැතිව සිරුර හමුවූ ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරිය එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ගේ සොහොයුරියක් වනවා.

අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැති විවාහක පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇයව ඝාතනය කර සිය දිවි නසා ගෙන තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා එජාප මන්ත්‍රීවරයෙක්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කලක් සේවය කර තිබෙනවා.

මේ අතර සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන තිබෙනවා.

මරා දමා පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බවට සැක කෙරෙනවා.

ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා අධික රුධිර වහනයක් නොවී ඇති බව පොලිසියේ විශ්වාසයයි.

Share This