වසර 27ක් පැරණි කඩුලු මතින් දිවීමේ ලෝක වාර්තාව බිඳ වැටේ

වසර 27ක් පැරණි කඩුලු මතින් දිවීමේ ලෝක වාර්තාව බිඳ වැටේ

මීටර 60 කඩුලු මතින් දිවීමේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ සමත් වුණා.

ඒ,ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පැවැත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී.

එංගලන්තයේ කොලින් ජැක්සන් 1994 වසරේ කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 7.3 0කින් නිම කරමින් මීට පෙර වාර්තාව පිහිටුවා තිබුණා.

අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත්තේ තරග ඉසව්ව තත්පර 7.29කින් නිම කරමිනුයි.

මීට පෙර මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 7.3 0කින් නිම කළ කොලින් ජැක්සන්ට එම වාර්තාව හිමිව තිබුණි.

ග්‍රාන්ට් හොලොවේ බිඳ හෙලුවේ වසර 27ක් පැරණි වාර්තාවකි.

Share This