fbpx
වයඹ හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර

වයඹ හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර

නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට සංක්‍රමණිකයින් පැමිණීම වළක්වා ගැනීමේ අරමුණින් වයඹ හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.

ඒ අනුව වයඹ දිග හා උතුර මුහුද ආශ්‍රිතව නාවික හමුදා යාත්‍රා හා නෞකා මුරසංචාර වැඩිකිරීමට පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කරන්නේ.

අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත්‍රා හා වේග ප්‍රහාරක යාත්‍රා යෙදවීමට ද කටයුතු කර තිබෙනවා,

Share This