මෙරට පළමු කොවිඩ් හෙද මරණය වාර්තා වෙයි

මෙරට පළමු කොවිඩ් හෙද මරණය වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදිතව මෙරට පළමු හෙද මරණය මාවනැල්ලෙන් වාර්තා වී තිබෙනවා

මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරිනියක්

මේ පිළිබඳව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසින් තහවුරු කරනවා

නහරයක් පිපිරිම හේතුවෙන් ඇය ශල්‍යකර්මයකට භාජනය කිරීමට කෑගල්ල රෝහලට යොමු කර ඇති අතර එම රෝහලෙන් නුවර රෝහල වෙත යවා තිබෙනවා

කෑගල්ල රෝහලේදී කල පි සි ආර් පරික්ෂනයේදී එම වාර්තාව කොවිඩ් නොමැති බවට් තහවුරු වී තිබුනත් මහනුවර රෝහලේදී සිදු කළ පි සි ආර් පරික්ෂනයේදී කොවිඩ් ආසාදිතව තිබු බවත් සමන් රත්නප්‍රිය මහතා Live at 8 වෙබ් අඩවිය වෙත තහවුරු කර සිටියා

Share This