MMA සටන් බිමේ ‘කිරුළ සොයා සටන් වදින’ ලංකාවේ තරු

MMA සටන් බිමේ ‘කිරුළ සොයා සටන් වදින’ ලංකාවේ තරු

MMA නැතහොත් ‘මික්ස් මාෂල් ආර්ට් පිළිබඳ ‘මෙරට තරුණයන්ද දැඩි ආසාවකින් කතාබහ කරනු දක්නට ලැබෙනවා.

ලෝකයේ ඇතැම් රටවල එම්.එම්.ඒ තරග දක්නට ඇතත් එය ශ්‍රී ලාංකියයින්ට තරමක් ආගන්තුකයි.

කරාතේ , වූෂු , කුන්ග්ෆු , කික් බොක්සින් , ටයිකොන්ඩෝ , ජූඩෝ , ජිට් කුන් ඩෝ , මල්ලවපොර , බ්‍රසීලියන් ජුජුට්සු , වින් චුන් වැනි සටන් ශිල්ප ගණනාවක එකතුවක් වශයෙන් එම් එම් ඒ හැඳින්වෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, චීනය, සිංගප්පූරුව, රුසියාව ද එම්.එම්.ඒ තරග සඳහා වැඩි කැමැත්තක් දක්වනවා.

මෙරට පැවැත්වෙන සිලෝන් ෆයිටින් චැම්පියන්ෂිප් තරගවලිය ද මික්ස් මාෂල් ආර්ට් පිළිබඳ උනන්දුවක් දක්වන තරුණයන් සඳහා වෙන් වූවක්.

මෙම තරගාවලිය තෙවන වරටත් මදුර තිලංක රත්නායකගේ පුහුණුකාරිත්වයෙන් කොළඹදී පැවැත්වුණා.

බරපන්ති කිහිපයක් යටතේ පැවති තරගාවලියෙන් දමිත චාමල් අබේවික්‍රම ,කුසල් දිසානායක,ඩිල්ෂාන් සිකන්දරාජා ,එස්.ශ්‍රීධරන්,සකුණ අබේසිංහ,චරිත ද සිල්වා,උස්මාන් අර්ශාද් ජය වාර්තා කළා.

Share This