සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය හයිඩ් පිටියේදී

සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය හයිඩ් පිටියේදී

සමගි ජන බලවේගයේ පළමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී ලබන මාර්තු 15 වැනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ‌ගෙන තිබෙනවා.

සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පක්ෂ සංවත්සරය පැවැත්වීමටද එහිදී තීරණය කෙරුණා.

සංවත්සරය සංවිධානය කිරීමේ කටයුතු පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී සහ උප සභාපති හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාර දී තිබෙනවා‍.

Share This