පබ්ස් සහ බාර් ඇතුලු සුරාබදු බලපත්‍ර කිහිපයක ක්‍රියාකාරිත්වය අත්හිටුවයි – සුරාබදු දෙපාර්තමේන්තුවේ නිවේදනය මෙන්න

පබ්ස් සහ බාර් ඇතුලු සුරාබදු බලපත්‍ර කිහිපයක ක්‍රියාකාරිත්වය අත්හිටුවයි – සුරාබදු දෙපාර්තමේන්තුවේ නිවේදනය මෙන්න

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ දින ( 01 ) නිකුත් කරන ලද නිවේදනය අනුව සියලුම සුරාබදු බලපත්‍රලාභීන් විසින් පහත දැක්වෙන පරිදි කටයුතු කළ යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව Pubs සහ Bars, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා නැවත දන්වන තුරු වසා තැබීමට නියෝග කර ඇති බැවින්, එකී ස්ථාන සඳහා නිකුත් කර ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රවල ක්‍රියාකාරීත්වය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව හෝටල්, තානායම් හා ආගන්තුක නිවාස සඳහා නිකුත් කර ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර රාත්‍රී 10.00 න් පසුව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටු වෙයි

තවද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් 2021. 05. 01 දිනැතිව නිකුත් කරන ලද කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමටත්, සෙසු මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර නියමිත වේලාවන් තුළ පමණක් විවෘතව තැබීමටත් වගබලාගත යුතු බවත් දන්වා තිබෙනවා.

Share This