ක්‍රිකට් නිලවරණය උණුසුම් වෙයි – වාස් රකින්න සීලරතන හිමි පෙරට එයි

ක්‍රිකට් නිලවරණය උණුසුම් වෙයි – වාස් රකින්න සීලරතන හිමි පෙරට එයි

බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (24) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ සිය නාමයෝජනා ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ තමා උපසභාපති ධූරය සඳහා තරගවදින බවයි.

සීලරතන හිමියන් ප්‍රකාශ කළේ චමින්ද වාස් යනු දක්ෂ ක්‍රීඩකයෙක් බවත්, වේග පන්දු පුහුණු කිරීම සඳහා ඔහු ඉල්ලූ මුදල ලබා දීමට සුදුසු බවත් ය.

තවද කෝටි ගණන් ලබා දී විදෙස් පුහුණු කරුවන් ගෙන එනවාට වඩා අප රටේ දක්ෂ ක්‍රීඩකයින් ඒ සඳහා යොදා ගැනීම වඩාත් යෝග්‍ය බවත් ඒ හිමියෝ පැවසුවා.

තවදුරටත් අදහස් දැක්වූ සීලරතන හිමියන්,

“ඓතිහාසික සිද්ධස්ථානයක් වන මේ ක්‍රිකට් මධ්‍යස්ථානයටත් අපි එන්න ඕනේ, අපි ක්‍රීඩාවට ඉතාමත් ආදරෙයි, ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රිකට් බෝඩ් එකට උප සභාපති වශයෙන් ඉල්ලීමට මම ආවේ, අද ක්‍රීඩාව සම්පූර්ණයෙන් විනාශ වෙලා, අපිට ක්‍රිකට් ගහන්න ඕනේ නෑ, අපිට ඕනේ පරිපාලනය, මොකද, වංචා දූෂණ නවත්වන්න, මාව බලයට පත්වුණොත් ක්‍රිකට් පාවාදෙන අයට මගෙන් නම් ඉඩක් නෑ.”යනුවෙන් ද පැවසුවා.
උන්වහන්සේ සිය නාමයෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ උතුරු පළාතේ සෙන්ට් ඇන්තනීස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්

Share This