සරත්ලා නිසා පාර්ලිමේන්තුව උණුසුම්(VIDEO)

සරත්ලා නිසා පාර්ලිමේන්තුව උණුසුම්(VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සුදුසු නොවන බවත් ලාන්ස් කෝප්‍රල් තනතුරකටවත් නුසුදුසු බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

අද (05) පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් ලබාගනිමින් ඔහු හමුදාව පාවාදෙන ප්‍රකාශ කරන බවයි.

එහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

විපක්ෂ නායකවරයා එහිදී කතානායකවරයා අමතමින් සඳහන් කළේ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ඇතැම් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූයේ ඩයස්පෝරාවේ මුදල් ලබාගැනීම නිසා ද යන්නත් විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් විමසා සිටියා.

උණුසුම්වූ පාර්ලිමේන්තුව පහතින් නරඹන්න

Share This