අවුරුදු 22කට පසු අත්අඩංගුවට ගත් දූෂකයා

අවුරුදු 22කට පසු අත්අඩංගුවට ගත් දූෂකයා

නැගෙනහිර ඉන්දියානු ඔරිස්සා ප්‍රාන්තයේ පොලිසිය 1999 දී සමූහ දූෂණයකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉන්දීය දූෂණ සැකකරුවෙක් වන මොහු අවුරුදු 22ක් සැඟව සිට තිබෙනවා

පසුගිය සතියේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ පිහිටි බිබෙකනන්ද බිස්වාල්ගේ නිවසට පොලිසිය පැමිණි විට ඔවුන් පවසන්නේ ඔහු පලා යාමට උත්සාහ කළ බවයි.

“කණ්ඩායම පැමිණෙන බව දුටු ඔහු පැන යාමට උත්සාහ කළා . ඔහු අල්ලා ගත් විට ඔහු ඔවුන්ට කීවේ,” මාව මෙතැනින් රැගෙන යන්න, මම ඔබට සියල්ල කියන්නම් “යනුවෙන් බව ඔරිස්සා පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි සුදාන්ෂු සාරංගි බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා .

1999 ජනවාරි 9 දින රාත්‍රියේ 29 හැවිරිදි කාන්තාවක් අමානුෂික ලෙස සමූහ දූෂණය කිරීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයින් තිදෙනා අතර බිබෙකනන්ද බිස්වාල් ද වුණා .

නමුත් ඔහුට එරෙහි චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා

අනෙක් පුද්ගලයින් දෙදෙනා වන ප්‍රදීප් කුමාර් සාහු සහ ධිරේන්ද්‍ර මොහාන්ටි අත්අඩංගුවට ගෙන නඩු විභාග කොට දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණා .

සාහු පසුගිය වසරේ සිරගෙදරදී මිය ගොස් තිබෙනවා

29 හැවිරිදි කාන්තාවක් රාජ්‍ය අගනුවර වන බුවනේශ්වරයේ සිට එහි නිවුන් නගරයක් වන කටැක් වෙත ගමන් කරමින් සිටියදී මාධ්‍යවේදී මිතුරෙකු සහ ඇගේ රියදුරා සමඟ ඔවුන්ගේ මෝටර් රථය, ස්කූටරයක ගමන් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු විසින් නවත්වා තිබෙනවා

උසාවි ලේඛනවලට අනුව ඇයට පැය හතරකට වඩා කිහිප වතාවක් පහර දී ඇති අතර ප්‍රහාරකයන් හුදෙකලා ප්‍රදේශයක් දෙසට තුවක්කුව එල්ල කරමින් වාහනය ධාවනය කිරීමට ඔවුන්ට බල කර තිබෙනවා

ඇයට සහ ඇගේ මිතුරියට තර්ජනය කොට පහර දී තිබෙන අතර ඔවුන්ගේ මුදල් හා වටිනා භාණ්ඩද උදුරා ගෙන තිබෙනවා

මෙම සමූහ දූෂණ නඩුව විභාග කිරීම සඳහා ඉන්දියාවේ ෆෙඩරල් පොලිසිය – මධ්‍යම විමර්ශන කාර්යාංශය (සීබීඅයි) කැඳවනු ලැබුවා

සිව් දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පිහිටුවන ලදී

“ඔරිස්සා සහ මහාරාෂ්ට්‍ර පොලිසියේ ඒකාබද්ධ කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළ අතර පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා

Share This