ගැසට්ටුව නිකුත් වන තුරු ‘කිසිවක් නොකියන’ රන්ජන්ගේ පුටුව ලැබීමට නියමිත අපේක්ෂකයා

ගැසට්ටුව නිකුත් වන තුරු ‘කිසිවක් නොකියන’ රන්ජන්ගේ පුටුව ලැබීමට නියමිත අපේක්ෂකයා

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී තනතුර පුරප්පාඩු වීමත් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඒ සඳහා නම් කරනු ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අජිත් මාන්නප්පෙරුම මහතාගෙන් liveat8.lk වෙබ් අඩවිය කළ කරුණු විමසීමේදී ඔහු සඳහන් කළේ තමන්ව ඒ සඳහා නම් කිරීමට නියමිත බවයි.

එහෙත් ගැසට්ටුව නිකුත් වන තුරු තමන් මන්ත්‍රී තනතුර සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන බව ද ඔහු සඳහන් කළා.

Share This