ප්‍රවීන් ජයවික්‍රම ක්‍රිකට් වාර්තා පොතට – වාර්තා දෙකයි..හතළිස් වසරක් පැරණි වාර්තාවකුත් බිඳ හෙළයි

ප්‍රවීන් ජයවික්‍රම ක්‍රිකට් වාර්තා පොතට – වාර්තා දෙකයි..හතළිස් වසරක් පැරණි වාර්තාවකුත් බිඳ හෙළයි

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ජය ලැබූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවා තිබෙනවා.

ප්‍රවීන් ලකුණු 178 කට කඩුලු 11 ක් දවාගනිමින් මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු දවාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්වුණා.

අකිල ධනංජය ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 44 කට කඩුලු 8 ක් දවාගනිමින් එම වාර්තාවට මෙතෙක් හිමිකම් කියනු ලැබුවා.

ප්‍රවීන් පළමු ඉනිමේදී දවාගත් කඩුලු හය ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ මංගල ටෙස්ට් තරගයේදී ඉනිමකදී වාර්තා වූ දක්‍ෂතම පන්දු යැවීම ලෙස සැලකෙනවා.

පා දඟ පන්දු යවන ක්‍රීඩක උපුල් චන්දන 1999 වසරේ පාකිස්තානයට එරෙහිව ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 179 කට කඩුලු 6 ක් දවාගනිමින් මීට පෙර වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

Share This