රුපියල් මිලියන එකසිය තිස් අටක් ‘ලැබුණු හැටි’ දන්නේ නෑ

රුපියල් මිලියන එකසිය තිස් අටක් ‘ලැබුණු හැටි’ දන්නේ නෑ

රත්මලාන ධර්මාරාම පාර ප්‍රදේශයේ දී අවුරුදු 27ක තරුණයෙක් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ බැංකුවක ගිණුමකට රුපියල් මිලියන එකසිය තිස් අටක් ලැබී ඇති අතර එය උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි වීම නිසා අත්අඩංගුවට ගැනීම සිදු කළ බව වාර්තා වනවා.

විදෙස් රටක ජීවත්වන අපරාධකරුවෙකු වන ධර්මසිරි පෙරේරාගේ මුදල් මෙලෙස තරුණයාගේ ගිණුමේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

Share This