මේ වසර අග සිට ‘තවත් භාණ්ඩ 350කට වැඩි ගණනක්’ තහනම්

මේ වසර අග සිට ‘තවත් භාණ්ඩ 350කට වැඩි ගණනක්’ තහනම්

තවත් ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන 350කට අධික ප්‍රමාණයක් මේ වසර අවසන් වන විට මෙරට භාවිතය තහනම් කරන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ,පරිසරයට හානි කරන ද්‍රව්‍ය මුදා හැරීම වැළක්වීමේ වැඩපිළිවෙල යටතේයි.

මීට පෙර, මාර්තු 31 සිට සැෂේ පැකට්, සුළං පුරවන ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ සහ මයික්‍රෝන විස්සට අඩු ලන්ච් ෂීට් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කළා.

Share This