IPL 2021 අත්හිටුවයි – කොවිඩ් ඉන්දීය පිටියත් ආක්‍රමණය කරයි

IPL 2021 අත්හිටුවයි – කොවිඩ් ඉන්දීය පිටියත් ආක්‍රමණය කරයි

ක්‍රීඩකයින් මෙන්ම තරඟාවලියට සම්බන්ධ කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය අසාධනය වීම හේතුවෙන් 2021 IPL තරඟාවලිය අත්හිටුවීමට තරඟ බලධාරීන් තීරණය කර තිබෙනවා .

ඊයේ (03)ට නියමිතව තිබූ KKR සහ විරාත් කෝලි නායකත්වය දරන RCB අතර තරඟය කල්දැමීමට අයි පී එල් සංවිධායකයින් කටයුතු කර තිබුනා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කොරෝනා සම්බන්ධ සිද්ධියක් වාර්තා වීම සම්බන්ධයෙන්.

මේ අතර KKR කණ්ඩායමේ වරුන් චක්‍රවර්ති සහ සන්දීප් වරියර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ද වාර්තා වනවා. එසේම චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ද කොවිඩ් තර්ජනය එල්ලවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම කණ්ඩායමේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගැනීම හේතුවෙන් කණ්ඩායමේ පුහුණු කටයුතු තාවකාලිකව නතර කිරිමට ද පියවර ගෙන තිබෙනවා.

Share This