සියලු දෙනාටම මම සමාව දෙනවා – අහිමි වූ කිරුළ යළි පැළඳු පුෂ්පිකා කී කතාව (Video)

සියලු දෙනාටම මම සමාව දෙනවා – අහිමි වූ කිරුළ යළි පැළඳු පුෂ්පිකා කී කතාව (Video)

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව පසුගියදා අවසන් වූ විවාහක රූ රැජිණ තරගයේදී සිය කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා සඳහන් කර සිටිනවා.

අද (06) දිනයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

” මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලයි. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට” පුෂ්පිකා ද සිල්වා සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් විවාහක රූ රැජිණ තරගයේ මෙරට ජාතික තරග සංවිධායක චන්දිමාල් ජයසිංහ සඳහන් කර සිටියේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කණගාටුවට පත්වන බවයි.

Share This