ගැසට්ටුව ගැහුවත් භූමදානයට මාර්ගෝපදේශ නෑ

ගැසට්ටුව ගැහුවත් භූමදානයට මාර්ගෝපදේශ නෑ

කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානය කළ හැකිද යන්න සොයාබැලීම සඳහා පත්කළ තාක්‍ෂණික කමිටුවේ නිර්දේශ අනුව කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානයට අවසර ලබාදෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රි නිකුත් කෙරුණා.

කෙසේ වුවද අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ආසාදිත මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය රෙගුලාසි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් මේ වනවිට සකස් කරමින් සිටින බවයි.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා එම රෙගුලාසි ඉදිරි දිනවලදී ඉදිරිපත් කරනු ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෙට කොළඹදී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

Share This