Facebook ආයතනයට ඕස්ට්‍රේලියාවට ගෙවන්න වෙයි? නීතිය සම්මතයි

Facebook ආයතනයට ඕස්ට්‍රේලියාවට ගෙවන්න වෙයි? නීතිය සම්මතයි

ගූගල් සහ ෆේස්බුක් යන මාධ්‍යවල පළකෙරෙන ප්‍රවෘත්තිමය වටිනාකමින් යුත් දෑ සඳහා අදාළ මාධ්‍ය ආයතන වෙත මුදල් ගෙවිය යුතු බවට වන නීතිය ඕස්ට්‍රේලියාව විසින් සම්මත කරගෙන තිබෙන බව විදෙස් මධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලොව රටක් විසින් මෙවැනි නීතියක් සම්මත කරගත් පළමු අවස්ථාව ලෙසටයි මෙය සැලකෙන්නේ.

පසුගිය සතියේදී ෆේස්බුක් ආයතනය විසින් ඕස්ට්‍රේලියාව ප්‍රවෘත්තිමය අංගයන් ෆේස්බුක් පිටු තුළ ප්‍රවෘත්ති පළ කිරීම අවහිර කරනු ලැබුවේද මෙම නව නීතියට විරෝධය දක්වමිනුයි.

විදෙස් වාර්තා සඳහන් කලේ ඕස්ට්‍රේලියාව අනුගමනය කරමින් ඉදිරියේදී අනෙකුත් රටවල්ද ගූගල් – ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන ප්‍රවෘත්ති සඳහා ගෙවීම් කල යුතු බවට නීති සම්මත කර ගැනීමේ සූදානමක් පවතින බවයි.

Share This