ෆේස්බුක් සමාගමෙන් තවත් රටකට තහනමක්

ෆේස්බුක් සමාගමෙන් තවත් රටකට තහනමක්

සමාජ මාධ්‍ය දැවැන්තයා වන ෆේස්බුක් විසින් මියන්මාරයේ මිලිටරිය සහ එහි අනුබද්ධ සමාගම්වලට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කිරීම තහනම් කර තිබෙනවා

2020 මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ වංචා පිළිබඳ ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම සඳහා හමුදාව ෆේස්බුක් භාවිතා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මියන්මාරයේ ජනගහනයෙන් අඩක් ෆේස්බුක් භාවිතා කරනු ලබනවා

පෙබරවාරි 1 එරට සිදු වූ කුමන්ත්‍රණයෙන් පසුව ෆේස්බුක් සිය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර හමුදාවේ ප්‍රධාන පිටුව තහනම් කර තිබුනා

හමුදාව බලය අල්ලා ගත් දා සිට, එය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන, අන්තර්ජාලය අවහිර කිරීමට නියෝග කර ඇති අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ද තහනම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගිනිකොනදිග ආසියානු ජාතියේ තේරී පත් වූ රජය ඉවත් කළ කුමන්ත්‍රණයට එරෙහි පෙළපාළිවලදී අවම වශයෙන් විරෝධතාකරුවන් තිදෙනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකු ප්‍රචණ්ඩත්වයෙන් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ

මෙම තහනම සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශය වැනි රජයේ අමාත්‍යාංශ සහ රාජ්‍ය සේවයේ නියුතු ආයතන ආවරණය නොකරන බව ද සඳහන් වනවා

Share This