ත්‍රිකුණාමලයට අනවශ්‍ය ලෙස පැමිණෙන්න එපා

ත්‍රිකුණාමලයට අනවශ්‍ය ලෙස පැමිණෙන්න එපා

කොවිඩ් -19 වෛරසය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පැතිරයාමේ අවදානම නිසා අත්‍යවශ්‍ය කාරණාවකට හැර එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඉල්ලා සිටිනවා.

ආණ්ඩුකාරවරිය අද (23) පෙරවරුවේ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ මාර්ග බාධක පනවමින් ජනතාව අත්‍යවශ්‍ය කාරණාවකට හැර සෙසු ගමන්බිමන්වල නිරතවීම වළක්වන ලෙසයි.

මේ අතර ඉදිරි කාලය තුළ ත්‍රිකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නා.

නිරෝධානය පනත උල්ලංඝනය කරන කවර හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියා

Share This