එංගලන්ත ප්‍රභේදය ලංකාවට පැමිණියේ ක්‍රීඩකයාගෙන් ද ?

එංගලන්ත ප්‍රභේදය ලංකාවට පැමිණියේ ක්‍රීඩකයාගෙන් ද ?

මුලින්ම නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් හමුවූ එංගලන්තයේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය සමාජය පුරා ව්‍යාප්ත වූයේ කෙසේද යන්න පිළිබඳව විධිමත් සොයා බැලීමක් කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසනවා.

එංගලන්ත ප්‍රභේදය මෙරට ඇතුළු වූයේ ඉකුත් ජනවාරි මාසයේදී බවට දත්ත පවතින නිසා එය කෙතරම් ප්‍රබල වයිරසයක් වුවද සමාජය තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට යම් තරමක කාලයක් ගතවන නිසා එය සමාජයට කාන්දු වූ ආකාරය පිළිබඳ ඉතිහාසය සොයා බැලීම වැදගත් බවද හෙතෙම පෙන්වා දෙනවා.

වයිරස් ප්‍රභේද හඳුනා ගැනීම සඳහා මෙරට තුළ ප්‍රභේද පරීක්ෂණ වූයේ ඉතාමත් අවිධිමත් අයුරින් බව පෙන්වා දෙන හෙතෙම අවධාරණය කරනුයේ, ඉකුත් ජනවාරි මාසයේදී මෙරටට පැමිණි එංගලන්ත ක්‍රීඩකයාගෙන් මේ වයිරසය රට අභ්‍යන්තරයට පැතිරිය හැකි බවට විවිධ පාර්ශ්ව චෝදනා කළද එම කාරණය පිළිබඳව විධිමත් සොයා බැලීමක් පවා නොකර එය මඟහැරි බවයි.

යම් ප්‍රභේදයක් හමු වූ විට ඒ පිළිබදව නිසි අයුරින් ප්‍රභේද පරීක්ෂණ කොට එය රට තුළ ව්‍යාප්ත වීම පිළිබඳව නිසි අධ්‍යයනයක් කළ යුතුව තිබියදී රෝගය පාලනය කළා යැයි පවසමින් මාර්තු, අප්‍රේල් මාසවල පී.සී.ආර්. ධාරිතාව අඩුකොට චෝදනාවලින් මිදීම සඳහා හදිසියේම රට තුළට නව ප්‍රභේදයක් ඇතුළු වූ බව පෙන්වා දීමට සමහර පිරිස් උත්සාහ කරමින් සිටින බවද හෙතෙම මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.

 

Share This