රේස් යන්න ගිහින් කරගත් අනතුර (Video)

රේස් යන්න ගිහින් කරගත් අනතුර (Video)

නොහික්මුණු අවිනීත රියදුරන් නිසා මගී ජනතාව මෙන්ම පදිකයින් ජීවිත අවදානමට ලක්වන අවස්ථා පිළිබඳ නිරන්තරයෙන් අසන්නට ලැඛෙනවා.

අලූත් අවුරුද්දට ගම්බිම් බලා යන මගීන් රැගෙන බදුල්ල බලා ධාවනය වු බස් රථ රියදුරෙක් නිසා හාලිඇල ප්‍රදේශයේදී තරමක නොසන්සුන්තාවක් ඇති වුණා.

ඉතා අපරික‍ෂාකාරී ලෙස බදුල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථයක් පසුකර කර යාමට උත්සාහ කරන ආකාරය මෙලෙස CCTV කැමරාවක සටහන්ව තිබුණා. එහිදී පෞද්ගලික බස් රථයේ පිටුපස ලංගම බස්රථයේ වැදීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ලංගම බස් රථයේ මගීන් චෝදනා කළේ පෞද්ගලික බස් රථයේ රියදුරා ඉතා අනතුරුදායක ලෙස මාර්ගය පුරා රථය ධාවනය කළ බවයි. මෙලෙස අනතුර සිදුකර තිබුණේ අලූත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවයේ යොදවා තිබූ මාර්ග අංක 138 කොට්ටාව පිටකොටුව බස්රථයක්.

පෞද්ගලික බස් රථයේ පැමිණි අයෙකු යකඩ මුගුරක් අතෙහි රැගෙන සිටින ආකාරය ද අප කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.

හාලිඇල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක‍ෂණ පවත්වනවා.

Share This