පක්ෂ දේශපාලනය අතහැර ‘දරුවන් වෙනුවෙන්’ එක්වූ මොහොතක්

පක්ෂ දේශපාලනය අතහැර ‘දරුවන් වෙනුවෙන්’ එක්වූ මොහොතක්

විවිධ දේශපාලන කණ්ඩායම් රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් බේරුවල අල් ෆාසිහතුල් නස්රියා මුස්ලිම් පිරිමි විදුහලේ විද්‍යාගාරය ප්‍රතිසංස්කරණය කර සිසු අයිතියට පැවරීම පසුගියදා සිදුකෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන හරහා සිදුකරන ලද ව්‍යාපෘතියක් වූ එය සිසු අයිතියට පත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම අවස්ථාව සර්ව පාක්ෂික සමුළුවක් ලෙස තමන්ට හැඟෙන බවයි.

සියලු දේශපාලන නියෝජිතයින් සම්බන්ධ වී සිටීම දැකීමත් සතුටක් බවද ඔහු කියා සිටියා.

අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකළ සුවිශේෂී ආයෝජනයක්ය යන හැඟීමෙන් සියලු පක්ෂ නියෝජනය කරන පිරිස් ඊට සම්බන්ධ වීම ප්‍රශංසනීය බවයි මන්ත්‍රීවරයාගේ අදහස වුණේ..

 

Share This