Athavan Radio හඳුන්වා දුන් අලුත්ම ජංගම දුරකථන යෙදවුම

Athavan Radio හඳුන්වා දුන් අලුත්ම ජංගම දුරකථන යෙදවුම

ස්වර්ණවාහිනී සහෝදර නාලිකාවක් වන Athavan Radio නවතම ජංගම දුරකථන යෙදවුම (APP) අයි.ඕ.එස් (IOS) සහ ඇන්ඩ්‍රොයිඩ් (Android) හරහා රසික ශ්‍රාවක ප්‍රජාව වෙත සමීප වී තිබෙනවා.

ඒ අනුව එක්සත් රාජධානිය, යුරෝපය සහ ශ්‍රී ලංකා ශ්‍රාවකයන්ට Athavan Radio ගුවන්විදුලි වැඩසටහන් ඔවුන්ට සිතැඟි පරිදි නවතම ජංගම දුරකථන යෙදවුම (APP) හරහා රස විඳීමට හැකියාව ලැබෙනවා.

මෙම ජංගම දුරකථන යෙදවුම (App) භාවිත කිරීමේදී අන්තර්ජාල ගාස්තු (Mobile Data) අවම ලෙස අය වීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම නවතම ජංගම දුරකථන යෙදවුම (APP) හරහා ශ්‍රාවක ඔබට Athavan Radio රස විඳීමට අවස්ථාව හිමි වනවා.

Share This