ආරච්චිකට්ටුවේ දී වාහන 4ක් එකිනෙක ගැටෙයි (CCTV)

ආරච්චිකට්ටුවේ දී වාහන 4ක් එකිනෙක ගැටෙයි (CCTV)

හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාහන 4ක් ගැටීමෙන් ආරච්චිකට්ටුව ප්‍රධාන නගරය ආසන්නයේදී ඊයේ පස්වරුවේ අනතුරක් සිදුවී තිබුණා. පුත්තලම සිට හලාවත දෙසට අධික වේගයෙන් ගමන් කළ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කළ ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මාර්ගය අසල තිබූ පාපැදියක ද ගැටුණා.

අනතුර සිදුවන අයුරු CCTV කැමරාවකද සටහන්ව තිබෙනවා.

මෙම අවස්ථාවේදී පාපැදියේ සිටි අඹුදැමි යුවළක්ද දිවි ගලවා ගැනීමට සමත් වූ අතර තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිඛෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ආරච්චිකට්ටුව පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක‍ෂණ සිදුකරනු ලබනවා.

Share This