තනිකම මකන්න ඇමැති කෙනක් පත්කරයි

තනිකම මකන්න ඇමැති කෙනක් පත්කරයි

සියදිවි නසාගැනීම් අනුපාතය ඉහළ යාම හේතුවෙන් ප්‍රථම වතාවට තනිකමට (Loneliness Minister) ඇමතිවරයෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව ජපානයේ පළමු තනිකම ඇමතිවරයා ලෙස ටෙට්සුෂි සකමොටෝ එරට අග්‍රාමාත්‍යවරයා විසින් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසංගතය හේතුවෙන් ජපානයේ ජනගහනය අතර තනිකම යළිත් අවධානයට ලක්වීමත් සමඟ ජපාන අග්‍රාමාත්‍ය සුගා මෙම ප්‍රශ්නය හදිසි කාරණයක් ලෙස සලකා මෙම පත්වීම සිදුකර තිබෙනවා.

හුදෙකලා වීම සියදිවි නසා ගැනීම, දරිද්‍රතාවය සහ සමාජ හුදෙකලාව වැනි තවත් සමාජ ගැටලු රැසකට නිරාකරණය කිරීම මෙහි අරමුණයි.

ජපානයේ ජාතික පොලිස් ඒජන්සිය විසින් නිකුත් කරන ලද මූලික සංඛ්‍යාලේඛනවලට අනුව 2020 දී පුද්ගලයින් 20,919 ක් සිය දිවි නසාගෙන තිබෙනවා.

Share This