එක්සත් රාජධානියේ 18ත් 29ත් අතර වයස් කාණ්ඩ සඳහා විකල්ප කොවිඩ් එන්නතක්

එක්සත් රාජධානියේ 18ත් 29ත් අතර වයස් කාණ්ඩ සඳහා විකල්ප කොවිඩ් එන්නතක්

අවුරුදු 30ට අඩු පිරිසට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ලබා නොදීමට එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශ විසින් තීරණය කර තිබෙනවා.

එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවූ රුධිර කැටිගැසීම හේතුවෙන් එරට පුද්ගලයින් 19දෙනෙකු මියයාමත්, එන්නත සහ රුධිර කැටිගැසීමේ සිද්ධි අතර යම් සබඳතාවක් ඇතැයි හඳුනාගැනීමත් ඔවුන්ගේ එම තීරණයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශ පවසන්නේ, අවුරුදු 18ත් 29ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තැනැත්තන් සඳහා ඒ වෙනුවට සුදුසු වෙනත් කොවිඩ් එන්නතක් ලබාදිය යුතු බවය.

යුරෝපය පුරා දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 25ක් ලබාදී අවසන්.

Share This