ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්! – රිෂාඞ් පාර්ලිමේන්තු ගෙන ඒම තහනම් කළ හේතුව අනාවරණය වේ

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්! – රිෂාඞ් පාර්ලිමේන්තු ගෙන ඒම තහනම් කළ හේතුව අනාවරණය වේ

රැඳවුම් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් වළකින ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (04) අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් සඳහන් වුණා.

දින 90 ක් රැඳවුම් භාරයේ පසුවන බදුර්දීන් මහතා පාර්ලිමේන්තු සභාවාරවලට ගෙන ඒම තහනම් කරමින් තමා නියෝගයක් නිකුත් කළේ ජාතික ආරක්‍ෂාව පතා බව ද වීරසේකර මහතා සඳහන් කරන බවයි පුවත්පතක් උපුටා දක්වමින් එහිදී සඳහන් කළේ.

මේ අතර රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිය අයේෂා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් පාස්කු කොමිසමෙන් චෝදනා එල්ල වී ඇත්තේ තම සැමියාට නොව ඥාණසාර හිමියන්ට බව ප‍්‍රකාශ කර ඇතැයිද එහි සඳහන්.

 

Share This