බේකරි හිමියන්ගෙන් රතු එළියක් – බේකරි නිෂ්පාදන තාවකාලිකව නවතා දැමීමට සිදු වේවි

බේකරි හිමියන්ගෙන් රතු එළියක් – බේකරි නිෂ්පාදන තාවකාලිකව නවතා දැමීමට සිදු වේවි

බේකරි නිෂ්පාදන සිදු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

පාම් ඔයිල්  තහනම් කිරීමත් සමග බේකරි නිෂ්පාදන සඳහා ගැටළු ඇතිවන බවත් ඒ සඳහා විකල්ප හඳුන්වා දීමට රජය කටයුතු කර නොමැති බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව මිළ වැඩිකර නිෂ්පාදන අලෙවි කරන්නේ ද යන්න liveat8.lk වෙබ් අඩවිය කළ විමසීමක දී ඔහු සඳහන් කළේ නිෂ්පාදන සිදු කිරීමට හෝ නොහැකි වනු ඇති බවයි.

මේ අතර කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ “අද දවසෙත් මම මේ ගැන සාකච්ඡා කළා. මේ මොහොතේත් මම මේ සම්බන්දව සාකච්ඡා කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. මේ ගැසට් එක සම්බන්ධව අපෙත් විවිධ මත තියනවා. බොහෝ දුරට යම් යම් වෙනස් කම් වෙන්න පුළුවන් ” යනුවෙනුයි.

Share This