ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් ඇවිත් -මහාචාර්ය නීලිකා මලවිගේ හෙළිදරව් කරයි

ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් ඇවිත් -මහාචාර්ය නීලිකා මලවිගේ හෙළිදරව් කරයි

ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ කොවිඩ් -19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියා

මීට පෙර වාර්තා වු කොවිඩ් ආසාදිතයින්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියා

එම වෛරසය වාතය මගින් බෝවීමක් පෙන්නුම් කරන නිසාවෙන් වෙනදාට වඩා මුව ආවරණ සැලකිලිමත්ව පැළඳීම වැදගත් බව ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා

වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය,

“මේ අවස්ථාවේ අපට දක්නට ලැබෙනවා සුළු වශයෙන් වෙනස් රෝග ලක්ෂණ. තරුණ අයටත් තරමක් දරුණු රෝග ලක්ෂණ මතුවෙනවා. රෝග ලක්ෂණ මතුවෙමින් පවතින අයගෙත් ප්‍රතිශතය ටිකක් වැඩිවෙනවා.

ඉන්දියාවේ සහ අපේ ජාන රටාව වෙනස්. ඉන්දියාවේ තරුණ අය ආසාදිතයින් බවට පත්වීම හා මියයන ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා.

මේ නව ප්‍රභේදය එක්ක මේ වගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.වාතයෙන් බෝවෙන හින්දා වෙනදාටත් වඩා මාස්ක් එක දැමීම, මාස්ක් එක නිවැරදිව දැමිය යුතුයි.

එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නකොට වාතයේ තියෙන වෛරස ප්‍රමාණය වැඩි වෙනවා.

එතකොට තමන් රෝගීයෙක් වීමේ හැකියාව වැඩියි. අවාසනාවකට අපිට ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. ඒකට මුහුණදීමට නම් සාමුහිකව කටයුතු කිරීම වැදගත්“

 

Share This