පිලිප් කුමරුගේ ජීවන ගමනේ නොදුටු සේයා රූ(PHOTOS)

පිලිප් කුමරුගේ ජීවන ගමනේ නොදුටු සේයා රූ(PHOTOS)

පිලිප් කුමරුගේ අභාවයත් සමග ඔහු පිළිබඳව තවත් තොරතුරු දැන ගැනීමට බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා.

මේ,ඔහුගේ ජීවන ගමන ගැන කියවෙන දුර්ලභ ඡායාරූප කිහිපයක්.

පිලිප් කුමරු ග්‍රීසියේ ඇන්ඩෘ කුමරුන්ගේ සහ බැටන්බර්ග් හි ඇලිස් කුමරියගේ එකම පුතණුවන් වුණා.

 

ග්‍රීසියෙන් ප්‍රංශයට සංක්‍රමණය වූ පිලිප් කුමරු ශාන්ත ක්ලෝඩ් හි මැක්ජනට් (MacJannet) ඇමෙරිකානු පාසලේ සිය පන්ති සගයන් සමග අධ්‍යාපනය ලැබූ කාලයයි මේ.

අනතුරුව ඔහු උතුරු ස්කොට්ලන්තයේ පාසලකට ඇතුළත් කරනු ලැබූ අතර එම පාසලේදී පිලිප් කුමරු ක්‍රීඩා අංශයේ දස්කම් දැක්වූවා.

දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධියේ පිලිප් කුමරු ප්‍රහාරක නෞකාවක ක්‍රියාන්විතයේ ද නිරත වුණා.

පිලිප් එලිසබත් කුමරිය සමඟ විවාහ ගිවිසගනු ලැබීම 1947 වසරේ දී නිලවශයෙන් නිවේදනය කරනු ලැබුවා.

1947 නොවැම්බර් 20 දින ඔවුහු විවාහ වුණා.

 


පිලිප් කුමරු සහ එලිසබත් කුමරිය කෙන්යාවේ තුරු හිසක සැදි හෝටලයක ගතකළ අවස්ථාවක් මේ.

ඔවුන් දෙදෙනාට කුමරියගේ පියරජු අභාවප්‍රාත්තවීම දැනුම්දෙන ලද්දේ එහි සිටින අතරයි.

එම ශෝකජනක පුවත ලැබීමට දින කීපයකට පෙර මෙම ඡායාරුපය ගෙන තිබෙනවා.

එඩින්බරා ආදිපාදවරයා 1951 වසරේ දී තුර්කියේ මාර්මරිස් වෙරළ තීරයේදී නැවක අණදෙන නිලධාරියා ලෙස සිය අවසන් රාජකාරිය කළ සමයේ ගන්නා ලද ඡායාරූපයකි මේ.

පිලිප් කුමරු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද උනන්දුවක් දැක්වුවා. කුමරා එංගලන්ත කණ්ඩායමේ හිටපු පළමු පෙළේ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක් මෙලෙස ඡායාරූපයට ගෙන තිබෙනවා.

ආදිපාදවරයා 1961 වසරේ එලිසබත් රැජින සහ ඔවුන්ගේ දරුවන් හතරදෙනා සමගයි මේ.

වමේ සිට එඩ්වර්ඩ්, ඇන්ඩෲ, චාර්ල්ස් කුමාරවරුන් සහ ඈන් කුමරිය

රාජකීය යුවළ ඔවුන්ගේ විවාහයේ රිදී ජුබිලිය සැමරීමට ස්කොට්ලන්තයේ ‘බැල්මෝරල්’ මාළිගයේ සිටියදී ගොවිපොළක සංචාරය කළ අවස්ථාවක්

සිය විවාහයේ රිදී ජුබිලිය සමරන අතරවාරයේ රාජකීය යුවළ 1977 වසරේ දී නවසීලන්තයේ සංචාරයක නිරත වුණා.

ඔවුන් දෙදෙනා නවසීලන්තයේ මඕරි කිවි ඇඳුමින් සැරසී නවසීලන්තයේ උතුරු දිවයිනේ ‘ගිස්බර්න්’ රග්බි ක්‍රීඩාංගනයේ උත්සවයකට සහභාගී වුයේ මෙසේයි.

රැජින සහ කුමරු 1977 වසර අවසාන භාගයේ ‘බාර්බේඩොස්’ දූපත අසල රාජකීය බ්‍රිටනියා යාත්‍රාවේ සිටියදී අසලින් පියාසර කරන කොන්කෝර්ඩ් යානයකට අත වනන ආකාරයයි මේ.

පිලිප් කුමරු සිය දිවියේ අවසන් අදියර තෙක්ම ක්‍රීඩාවන්හි නිරතවෙමින් සිටි අතර 2005 වසරේ අස්රිය පැදවීමේ නිරත වූ අවස්ථාවකි මේ.

2012 ජූනි 03 දින රැජින සහ පිලිප් ආදිපාදවරයා තවත් දහසක් යාත්‍රා පිරිවරා ගනිමින් තේම්ස් ගංගාව ඔස්සේ විනාඩි අසූවක නෞකා චාරිකාවක නිරත වුණා.

ගමනේ දුර ප්‍රමාණය සැතපුම් හතකි. එම චාරිකාව රැජින රාජ්‍යත්වයට පත්වීමේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පැවැත්වුණා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1921ජූනි මස 10 දින ග්‍රීසියට අයත් කොර්ෆු (Corfu) දිවයිනේ දී උපත ලද්දේය. ඔහුගේ පවුල් ගසට (family tree) ඩෙන්මාර්ක් -ජර්මන්-රුසියානු සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල්වල සාමාජිකයෝ ඇතුළත් වෙති.

 

Share This