නිරූපණ ශිල්පිනියන් 7ක් බම්බලපිටියෙන් හසුවේ 

නිරූපණ ශිල්පිනියන් 7ක් බම්බලපිටියෙන් හසුවේ 

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බම්බලපිටිය මිලාගිරිය පටුමගේ රාති‍්‍ර සමාජ ශාලාවක පවත්වාගෙන ගිය සුපිරි සාදයක් වැටලූ පිටකොටුව පොලිසිය සුරූපී නිරූපණ ශිල්පිනියන් හත්දෙනකු ඇතුළු 25 දෙනකු 3 වන දා රාතී‍්‍රයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු ඔත්තුවකට අනුව කළ වැටලීමකදී මෙම සුපිරි සාදයට පැමිණ නිරෝධායන නීති උල්ලංඝනය කළ සුරූපිනියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන බවයි වාර්තා වන්නේ

මේ දිනවල කොරෝනා වෛරසය තදින් පැතිරෙමින් පැවතීම නිසා රාති‍්‍ර සමාජ ශාලා, පි‍්‍රය සම්භාෂණ උත්සව ඇතුළු සියලූම සාද නතර කරන ලෙස පොලිසිය උපදෙස් ලබා දී තිබෙනවා

එම උපදෙස් උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට ගත් සුරූපිනියන් ඇතුළු 25 දෙනා අධිකරණය වෙත ඊයේ(4) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා

පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වෙන සාද උත්සව සමාජ ශාලා වැටලීමේ මෙහෙයුම් දිගටම කි‍්‍රයාත්මක කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This